Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ජාතික විධායක සභාවේදී වැදගත් කරුණු රැසක් පිළිබඳ අවධානය

28 January, 2015

අගවිනිසුරුවරයා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙමින් පවතිද්දී අරලියගහ මන්දිරයේ හිටපු ජනාධිපතිවරයා සමගින් රැඳී සිටීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ (27) රැස්වූ ජාතික විධායක සභාව තීරණය කල බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යය වෙත පවසා ඇත .

ජාතික පුවත්පත් වාර්තා පෙන්වාදී ඇත්තේ මෙම සිද්ධියට අදාලව අගවිනිසුරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බැවින් අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් මෙසේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ජාතික විධායක සභාව තීරණය කර ඇති බවයි.


ඊට අමතරව කඩිනම් ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ ගෙනඒම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, තොරතුරු දැනගැනීමේ පනත නීතියක් බවට පත්කරගැනීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ඊයේ රැස්වූ ජාතික විධායක සභාවේදී අවධානය යොමුකොට ඇති බවයි වාර්තාවන්නේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks