Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

‍සරත් ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය හිමිවෙයි

28 January, 2015

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය නැවත හිමිව ඇති බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙයි.

දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ යුද අධිකරණයෙන් වරදකරුවෙකුවීම මත යුද හමුදා නිල නාමයන්, පදක්කම් මෙන්ම විශ්‍රාම වැටුප් ඇතුළු අයිතිවාසිකම්ද අහිමිව සිටි ෆොන්සේකා මහතාට මේ වන විට අහිමිවූ සියලු නිල නාම පදක්කම් ඇතුළු අයිතිවාසිකම් හිමිව ඇති බවයි.

2009 වසරේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් කිරීමේදී ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරමින් අනගි දායකත්වයක් ලබාදුන් අතර පසුව 2010 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්විය.

අනතුරුව එම වසරේදීම පැවති මහා මැතිවරණයෙන් ජයග්‍රහණයකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරීපත්වූ අතර පසුව යුද අධිකරණයෙන් වැරදිකරුවී සිරගතවීමත් සමග ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසිවිය.


 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks