Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ආගමික සංකේත, ජාතික ධජය, ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලට තහනම්.

12 February, 2014

ආගමික සංකේත, ජාතික ධජය, ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලට තහනම්.
Wednesday, 12 February 2014 - 7:54
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත, ජාතික ධජය ආදිය භාවිතා කිරීම සිදු නොකළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය පවසනවා. හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ආරක්ෂක අංශ නිල ඇඳුම්ද මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා භාවිතා කිරීම තහනම් බවයි. එසේම ආගමික ශාස්තෘවරුන්ගේ ඡායාරූප, දේශපාලන පක්ෂ නායකයින්ගේ ඡායාරූප සහ හමුදා සංකේත ද නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළා.

මේ අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පළාත් සභා මැතිවරණයට අදාළව රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල යෙදෙන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු අසාදු ලේඛනයකට  ඇතුළත් කිරීමට පියවර ගතයුතු බවයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය හමුවීමට තමන්ද බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප‍්‍රකාශ කළා. ඔහු කියා සිටියේ පෞද්ගලික බස් රථවල බලහත්කාරයෙන් සිදුකරන මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පිළිබඳව සිදුකළ පැමිණිල්ලට කොමසාරිස්වරයා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා ඇති බවයි.

www.hirunews.lk/sinhala/77190

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks