29 January, 2015
අමාත්‍යාංශ ලේකම්වරුන් දේශපාලන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම දුරස්වී සිටිය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.
මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදී ඇත්තේ එවැනි පියවරක් ගතයුත්තේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට බාධාවන ආකාරයේ ක්‍රියා සිදුවීම වැලැක්වීම පිණිස වන බවයි.
එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් වශයෙන් දේශපාලන ක්‍රියාකාරකම් හා නොබැඳි නිලධාරීන් විශේෂඥයින් පත්කිරීමට උත්සාහ කිරීම වැදගත් බවයි.