Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌවට නව අමාත්‍ය මණ්ඩලයක්

31 January, 2015

ඌව පළාත් සභා නව අමාත්‍ය මණ්ඩලය ඊයේ (30) පළත් ආණ්ඩුකාර නීතීඥ එම්.පී ජයසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පසුගියදා නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන් අතර ඊයේ නව අමාත්‍යවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් පී.බී අමරසේකර මහතා හා ආණ්ඩුකාර ලේකම් එච්.එම් සෝමතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.


නව අමාත්‍ය මණ්ඩලය පහත දැක්වේ.

ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා -  මුදල් හා ක‍්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පලාත් පාලන, සමාජ සුබසාධන, ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන,  ප‍්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍ය
අනුර විදාන ගමගේ මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග, මිරිදිය ධීවර කර්මාන්ත, ඉඩම් හා සංචාරක අමාත්‍ය
රවී සමරවීර මහතා -  මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, සමුපාකාර, ෂත්ව නිෂ්පාදන හා සංස්කෘතික අමාත්‍ය
ආනන්ද කුමාරසිරි මහතා - සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂණ, වනිතා කටයුතු හා  විදුලිබල අමාත්‍ය
වඩිවේල් සුරේෂ් මහතා ක‍්‍රීඩා,යෞවන කටයුතු, පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks