Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තැපෑලෙන් ඡන්දය දෙන්න සුදුස්සෝ 1,26,796ක්

19 February, 2014

තැපෑලෙන් ඡන්දය දෙන්න සුදුස්සෝ 1,26,796ක්

 

බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා තැපැල් ඡන්ද දායකයන් 1,26,796 දෙනකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.

මින් බස්නාහිර පළාත් සභාව සඳහා 63,837 දෙනකු ද දකුණු පළාත් සභාව සඳහා තැපැල් ඡන්දදායකයන් 62,962 ද, සුදුසුකම් ලබා ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කරයි.

‍ෙමම ඡන්ද හිමි නාම ලේඛනයන් අදාළ පළාතට අයත් දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවලට යොමු කෙරෙන අතර, එහිදී නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් එය පෙබරවාරි 24 දින සහතික කරනු ලබයි.

එම ඡන්ද පත්‍රිකා පෙබරවාරි 28 දින රක්ෂණ තැපෑලෙන් අදාළ තැපැල් කාර්යාලය වෙත යොමු කරන අතර, මාර්තු 13/ 14 දිනවල ඡන්දදායකයින්ට තම ආයතනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකිවන බව ද මොහොමඩ් මහතා පැවසීය.

එදිනට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්දදායකයන්ට මාර්තු 20 දින එම තැපැල් කාර්යාලවලට ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව ද මොහොමඩ් මහතා පැවසීය.

සමිබන්ධකය මෙතනින් - www.dinamina.lk/2014/02/19/_art.asp

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks