ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උපනායක හා පළාත් සභා මන්ත්‍රී ඒ. නසීර් අහමඩ් මහතා නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එම පළාත් සභාවේ පක්ෂ කිහිපයක්ම මුස්ලිම් කොංග්‍රසය එම පළාත් සභාව තුළ බලය පිහිටුවීමට ගෙන ඇති තීරණයට සහාය දැක්වීමට තීරණය කර ඇති බවයි.