එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි මහතා සහ නියාගම ප්‍රා දේශිය සදභා සන්ධාන මන්ත්‍රී ප්‍රසාද් වීරක්කොඩි මහත්වරුන් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකොට ඇත.
පසුගිය 2010 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ විරුද්ධ පාක්ෂිකයන්ගේ නිවාසවලට හා ව්‍යාපාරික ස්ථානවලට පහරදීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබූ අතර ඒ අනුව ඔවුන් පොලීසියට බාරවී තිබුණි.