06 February, 2015
නැගෙනහිර පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඒ. නසීර් අහමඩ් මහතා දිවුරුම් දුන්නේය.
පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉදිරියේ නව ප්‍රධාන අමාත්‍යවරයා දිවුරුම් දුන් අතර පළාත් සභාව නියෝජනය කරන පක්ෂ කිහිපයක්ම පළාත් සභාවේ බලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සිය සහාය ලබාදුන්නේය.