නව රජයේ අතුරු අයවැය අද (07) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 163 කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 164 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. එම ඡන්දය ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර මහතා විසින් ලබාදුන් අතර වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධණ, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, විමල් වීරවංශ, ගීතාංජන ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.