නැගෙනහිර පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හාෆිස් නසීර් අහමඩ් මහතා අද (10) පත්විය.
පසුගියදා නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීම වෙනුවෙන් පළාත් සභාව නියෝජනය කරන පක්ෂ බොහෝමයක සහාය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමිවිය.
නව ප්‍රධාන අමාත්‍යවරයා වැඩබාරගන්නා අවස්ථාවට හිටපු ප්‍රධාන අමාත්‍ය නජීබ් ඒ මජීඩ් මහතාද සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියද එක්ව සිටියහ.