Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මන්ත්‍රීලාගේ තර්ජනයෙන් පාර්ලිමේන්තුවේ සජීවී විකාශ නවත්වයි

19 February, 2014

මන්ත්‍රීලාගේ තර්ජනයෙන් පාර්ලිමේන්තුවේ සජීවී විකාශ නවත්වයි

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

පාර්ලිමේන්තු විවාදවලදී මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ලක්‌වූ චන්ද්‍රිකා රූපවාහිනි සේවයක්‌ පාර්ලිමේන්තු විවාද සජීවීව විකාශය කිරීම නතර කර ඇතැයි කථානායක චමල් රාජපක්‌ෂ මහතා ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

විවාදවලදී මන්ත්‍රීවරුන් විසින් කරනු ලබන ප්‍රකාශවලට එරෙහිව පියෝ ටීවී ආයතනයට නඩු දමන බවට තර්ජනය කරමින් මෙම පිරිස එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට තර්ජනය කර ඇතැයිද ඉන් බියට පත්වූ ඔහු මෙම සජිවී විකාශය නතර කර ඇතැයිද කථානායකවරයා කීවේය.

පියෝ ටීවී ආයතනය මෙම පාර්ලිමේන්තු විවාද සජීවීව විකාශය කළේ කිසිදු මුදලක්‌ අය නොකර නොමිලේ බවද, නැවත මෙම සජීවී විකාශය පිළිබඳ එම ආයතනයේ නිලධාරීන් කැඳවා සාකච්ඡා කරන බවද කථානායකවරයා කීවේය.

නවසීලන්තයේ පැවැති කථානායකවරුන්ගේ සම්මේලනයේදී චමල් රාජපක්‌ෂ මහතා ආසියානු කලාපය නියෝජනය කරමින් එහි ස්‌ථාවර කමිටුවේ සාමාජිකයකු ලෙස පත්වීම පිළිබඳ ආණ්‌ඩු පක්‌ෂය හා විපක්‌ෂය විසින් සුබ පැතුම් එක්‌කළ අවස්‌ථාවේදී විපක්‌ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉහත ප්‍රකාශය රාජපක්‌ෂ මහතා කළේය.

කථානායක චමල් රාජපක්‌ෂ මහතාට අපි සුබ පතනවා. ඒත් ඔබතුමා නවසීලන්තයේ ඉන්නා අතරේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු විවාද සජිවී විකාශය කිරීම කපලා දාලා... යෑයි විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks