16 February, 2015
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩිකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.
අමාත්‍යවරිය මේ බව ප්‍රකාශකොට ඇත්තේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා හමුවූ අවස්ථාවේදීය.
මහකොමසාරිස්වරයාට අමාත්‍යවරිය පෙන්වාදී ඇත්තේ ඒ අනුව ඉදිරියේදී සියයට 5 සිට 10 දක්වා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය නැංවීමට පියවර ගන්නා බවයි.