Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පාලිත තෙවරප්පෙරුමට ඇප, රටින් පිටවෙන්න බෑ

18 February, 2015

පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට දණගස්වා පහරදීමේ සිද්ධියට අදාලව බන්ධනාගාරගතව සිටි එක්සත් ජාතික  පක්ෂ කලුතර දිස්ත්‍රික්  පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා ශරීර ඇප දෙකක් මත අද (19) මුදාහැරියේය.

පසුගිය ජනාධිපතිවරණය අවසන්වීමෙන් පසු මන්ත්‍රීවරයා මෙසේ දණගස්වා තිබුණේ පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතායි.

ඒ අනුව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන මේ දක්වා බන්ධනාගාර ගතව සිටි අතර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චාමිනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කල අතර මන්ත්‍රීවරයාගේ ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණ භාරයට පමුණුවන ලෙසට නියෝග කෙරින.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks