18 February, 2015
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මාස 3 ක නිවාඩුවක් ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා විශේෂ හේතුවක් මත එසේ නිවාඩු ඉල්ලා සිටින්නේ දැයි විපක්ෂනායකවරයාගෙන් විමසා සිටි අතර කතානායකවරයා එහිදී සඳහන්කොට සිටියේ විශේෂ හේතුවක් ඇති යනුවෙනුයි.
අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරුදෙමින් පවසා සිටියේ විශේෂ හේතුවක් නොදන්නා මුත් තමා එම යෝජනාව ඉදිරිපත්කර සිටින බවයි.