23 February, 2015
මහජනයා නියෝජනය කිරීමට තරම් සුදුසු නැණවත් ගුණවත් පුද්ගලයන් අපේක්‍ෂකයන් ලෙස තෝරා ගැනීමට පක්‍ෂ හා කණ්‌ඩායම් නායකයන් දැනුවත් කළ යුතු යෑයි මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්යන් වහන්සේ පැවසීය.
උන්වහන්සේ මේ බව පැවසූයේ පසුගියදා පැෆ්රල් සංවිධානය විසින් පුරවැසියා මුල්වූ දේශපාලන සංස්කෘතියේ සාධනීය වෙනසක් ව්‍යාපෘතියට අදාලව උන්වහන්සේ දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදීය.
එහිදී පාර්ලිමේන්තු මැතිවරණයේ සිට ප්‍රාදේශීය සභා මැතිවරණය දක්‌වා සියලු මැතිවරණයන්හිදී ඉදිරිපත් වන අපේක්‍ෂකයන් තෝරා ගැනීමේදී අනුගමනය කළයුතු නිර්නායකයන් ඇතුලත් ලේඛනයක් පැෆ්රල් සංවිධානය මගින් මල්වතු මහානායක හිමියන් වෙත පිළිගන්වන ලද අ.තර මහජන නියෝජිතයන් ලෙස ඉදිරිපත්වී නියෝජිත ආයතනවල පෙනී සිටීම සඳහා සුදුස්‌සන් තෝරා ගැනීම ඉතා අවශ්‍ය බවත් දැනට පවතින මනාප ක්‍රමය නිසාත් සුදුස්‌සන් තෝරාපත් කර ගැනීමේ ගැටළුවක් තිබෙන බවත් උන්වහන්සේ එහිදී පැෆ්රල් නියෝජිතයින් වෙත පෙන්වාදුන්නේය.
එම අවස්ථාවට පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.