27 February, 2015
ඡන්දහිමි නාමලේඛනයේ තම නම සහ ජාතික හැඳුනුම්පත් අංකය දෝෂ සහගත ලෙස සටහන්වී ඇත්නම් කඩිනමින් එම තොරතුරු නිවැරදි ලෙස සකස්කරගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.
ජාතික මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ ඒ අනුව එම තොරතුරු දෝෂසහගත බව අනාවරණය වී ඇත්නම් දිස්ත්‍රික්කය, ඡන්ද බල ප්‍රදේශය, ඡන්ද කොට්ඨාශ අංකය ,ග්‍රාම නිලධාරී වසම,ගෘහ අංකය හා ලිපිනය, සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය යන තොරතුරු සහ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් ලබන 25 වන දිනට පෙර තැපැල් මගින් හෝ අතින් රැගෙනවිත් බාරදිය හැකි බවට මැතිවරණ කොමසාරිස්තුමා විසින් සඳහන්කොට ඇති බවයි.
රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත එම තොරතුරු යොමුකරන ලෙසත් ඇතැම් ඡන්ද හිමියන්ගේ නම් ඡන්දහිමි නාමලේඛනයේ නිවැරදිව සටහන්වී නොමැති බවට තොරතුරු ලැබී ඇති බැවින් කඩිනමින් එම තොරතුරු සංශෝධනය කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය කටයුතු යොදා ඇති බවටත් එම මාධ්‍යය වාර්තා පෙන්වාදී ඇත.