Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පැෆරල් නඩු දමයි

19 February, 2014

පැෆරල් නඩු දමයි

චමින්ද සිල්වා

බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී දිගින් දිගටම නීති උල්ලංඝනය කරන අපේක්‍ෂකයන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පැෆරල් සංවිධානය තීරණය කර ඇත.

මේ වන විට ඊට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනයක්‌ සකස්‌ කරමින් සිටින බව එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා ඊයේ (18 වැනිදා) පැවසීය.

පැෆරල් සංවිධානයට ඊයේ (18 වැනිදා) වන විට පැමිණිලි 67 ක්‌ ලැබී තිබෙන බව කී හෙතෙම එයින් බරපතලම සිදුවීම ලෙස බෙලිඅත්ත ප්‍රදේශයේ පක්‍ෂ කාර්යාලයකට වෙඩි තැබීම බවද කීය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බෙලිඅත්ත ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇතැයි පැවසූ හෙතෙම ඉන් වැඩිම මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්‍ෂකයා පිළිබඳව මේ දිනවල තම සංවිධානය නිරීක්‍ෂණය කරමින් සිටින බවද වැඩිදුරටත් කීය.

 

සමිබන්ධකය මෙතැනින් - www.divaina.com/2014/02/19/news10.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks