Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ප්‍රකාශනය එළිදැක්වෙයි

12 March, 2015

පැෆ්රල් සංවිධායේ මූලිකත්වයෙන් සිවිල් සංවිධාන සහයෝගයෙන් සාධනීය දේශපාලන සංස්කෘතියක් උදෙසා මැයෙන් පැවැත්වුණු උත්සවය අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින.


එහිදී දේශපාලන පක්ෂ විසින් අපේක්ෂකයන්ට නාමයෝජනා ලබාදීමේදී සැලකිය යුතු මූලික නිර්ණායකයන් 8 ක් ඇතුළත් "මාර්තු 12" ප්‍රකාශනය සඳහා දේශපාලන පක්ෂ නායකයන් විසින් අත්සන් තැබූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන් මෙන්ම ගිහි පැවිදි විශාල ආරාධිතයින් පිරිසක් එම උත්සවය සඳහා සහභාගීවී සිටියහ.

මෙම උත්සවය සඳහා සියලුම දේශපාලන පක්ෂ වෙත ආරාධනා කොට තිබූ අතර විශාල පිරිසක් ඊට සහභාගීවී සිටියහ.


පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා ලබා දීමේ දීදේශපාලන පක්ෂ සැලකිය යුතු නිර්ණායක ඇතුළත් පුරවැසි සංවිධාන යෝජනාවලිය.

1.  අපරාධ වරදක් සඳහා සිරදඬුවමට ලක් වු හෝ අත්හිටවූ සිරදඩුවම් වලට ලක්වූවකු නොවිය යුතුයි.
2.   අල්ලස් හෝ දූෂණ පිළිබඳ වරදකරුවකු නොවු සමාජය පිළිගත්‚චරිතවත් අයෙකු විය යුතුයි. එමෙන්ම අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා ලැබූ අය ගැන පරීක්ෂාකාරී විය යුතුයි.
3.   මද්‍යසාර, මත්ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එසේ නොකළ අයෙකු විය යුතුයි.
4.   ජීව ආධාරක ව්‍යුහය විනාශ කරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාර වල යෙදුණු හෝ යෙදෙන අයෙකු නොවිය යුතුයි.
5.   දේශපාලන බලය අනිසි සහ අයුතු ලෙස භාවිතා නොකළ අයෙකු විය යුතුයි.
6.   මහජන නියෝජිතයෙකු වන්නට පෙර රටට අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත්  සහ මහජන නියෝජිතයෙකුව සිටිමින් තම දේශපාලන බලය අයුතු ලෙස භාවිත කර රජය සමග මූල්‍යමයගිවිසුම් ඇතිකර ගත් හෝ ගිවිසුමක පාර්ශවකරුවෙකු නොවන්නෙකු විය යුතුය.
7.   නාමයෝජනා ලබාදෙන අපේක්ෂකයා තමා නියෝජනය කරන ප්‍රදේශයේ පදිංචි කරුවෙකු හෝ එම ජනතාව සමඟ සම්බන්ධතා පවත්වන අයෙකු වියයුතුය.
8.  නාමයෝජනා ලබා දීමේදී කාන්තා සහ තරුණ නියෝජනය ස`දහා ප්‍රමාණවත් අවස්ථා ලබා දීමට ක්‍රියා කළයුතුයි.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks