23 March, 2015
ආසියානු මැතිවරණ වෘත්තිකයන්ගේ දෙවන සැසිවාරය පසුගියදා නැගෙනහිර ටිමෝරයේ දිලි අගනුවරදී පැවැත්විනි.
පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරදච්චි මහතා සහභාගීවූ අතර මෙම සැසියේදී මූලික අවධානය යොමුව තිබුණේ ආසියානු කලාපයේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලියේදී මුහුණ දෙනු ලබන ගැටලු හා අභියෝගයන් කෙරෙහිය.
මෙම සැසිය සඳහා ආසියානු කලාපයේ සියලුම මැතිවරණ දෙපාර්තමේන්තු කොමිසම් නියෝජනය කරමින් මැතිවරණ කොමසාරිස්වරුන් මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධානද සහභාගීවූ අතර ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතාද සහභාගී විය.
මෙම සැසිවාරය අතරතුරදී පසුගියදා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වෙත පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කරන ලදුව පක්ෂ නායකයින් විසින් අත්සන් තබන ලද මාර්තු 12 ප්‍රකාශනය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර එම ප්‍රකාශනය දකුණු ආසියානු කලාපයේ මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සංසදයේ සභාපතිවරයා හා නේපාල ප්‍රධාන මැතිවරණ කොමසාරිස් නීලකාන්තන් උප්‍රේන් මහතාටත් කලාපයේ මැතිවරණ කොමසාරිස්වරුන් කිහිපදෙනෙකුටත් නැගෙනහිර ටිමෝරයේ රාජ්‍යයේ පළමු ජනාධිපති කේ රලා ක්සනානා ගුස්මාඕ මහතා වෙතද පිළිගැන්වින.