Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ලැබී ඇති අනගි අවස්ථාව පැහැරහරින්න එපා - පැෆ්රල් සංවිධානය මන්ත්‍රීවරුන්ගෙන්/වරියන්ට කියයි

21 April, 2015

19 වන ව්‍යවස්ථ සංශෝධනය සම්මත කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි සාධනීය වෙනසක් ඇතිකිරීමට ඇති මහඟු අවස්ථාව පැහැර නොහරින ලෙස පැෆ්රල් සංවිධානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් හා මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලා සිටියි. 

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය ඉල්ලා ඇත්තේ මෙවැනි ඓතිහාසික අවස්ථාවක කොටස්කරුවන්වීමට හැකිවීම වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ලද භාග්‍යයක් බවයි. 

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේත් වත්මන් ජනාධිපතිවරයාගේත් ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි පැහැදිලිවම 19 වන සංශෝධන යෝජනාවලියෙහි ඇතුළත් කරුණු ඇතුළත්ව තිබූ බවත් ඒ අනුව මහජන කැමැත්තට අනුව යමින් මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සියලුදෙනා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සහයෝගය ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවයි පැෆ්රල් නිවේදනයෙහි දක්වා ඇත්තේ.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks