Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙයි

29 April, 2015

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ඊයේ (29) සනිටුහන් විය. 

ඒ අනුව විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කරමින් හා තවත් අතිශය වැදගත් කරුණු ගණනාවක් ඇතුළත් වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත විය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 212 ක් ලැබුණු අතර විපක්ෂව එක් ඡන්දයක්ද ප්‍රකාශ කෙරුණු අතර එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය ලබාදීමෙන් වැලකී සිටියේය. එමෙන්ම ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී සභා ගර්භයේ නොසිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 10 කි.

පනතට විපක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධාන දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඡන්දය භාවිත කල අතර ඡන්දය ලබාදීමෙන් වැලකී සිටියේ ස්වාධින මන්ත්‍රී අජිත් කුමාර මහතායි. ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ බැසිල් රාජපක්ෂ, ප්‍රේමලාල් ජයසේකර , ඡානක ප්‍රියන්ත බණ්ඩාර , ආචාර්ය ජගත් බාලසූරිය, කෙහෙළිය රඹුක්වැල්ල, සුසන්ත පුංචි නිලමේ, එල්ලාවල මේධානන්ද හිමි, දී.මු ජයරත්න, ප්‍රභා ගනේෂන් , .රත්නසිරි වික්‍රමනායක මන්ත්‍රීවරුන් සභා ගර්භයෙහි නොසිටියහ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks