Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

19 වන ව්‍යවස්ථා සංශෝධනය සේම මැතිවරණ ක්‍රමයද සංශෝධනයට ක්‍රියාකරමු

29 April, 2015

සමස්ත සමාජයම දශක තුනකට ආසන්න කාලයක් මුලුල්ලේ සිට අපේක්ෂා කල ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සහ ව්‍යුහය ස්ථාපිත කරමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා මන්ත්‍රීවරියන්ට සිය ප්‍රණාමය පුදකර සිටියි.


පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය දක්වා ඇත්තේ ඒ සඳහා නායකත්වයත්වය ගත් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා  ඇතුළු පක්ෂ නායකයින් ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්ට සිය ප්‍රසාදය පලකරන බවයි.

එමෙන්ම 19 වන සංශෝධනය අනුව යමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව ව්‍යවස්ථාදායක සභාව නම්කරන ලෙසත් ස්වාධින කොමිසන් සභා ස්ථාපිත කිරීමට ක්‍රියාකරන ලෙසත් පැෆ්රල් සංවිධානය එම නිවේදනයෙන් ඉල්ලා ඇත.

තවද 19 වන සංශෝධනයට දැක්වූ උනන්දුව හා කැපවීම එලෙසින්ම  පවත්වාගනිමින් 20 වන සංශෝධනය හරහා මැතිවරණ ක්‍රමයද වර්තමාන පාර්ලිමේන්තු කාලය තුළම වෙනස් කරන ලෙසත් පැෆ්රල් සංවිධානය එම නිවේදනයෙන් ඉල්ලා ඇත.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks