20 May, 2015
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල වැඩමුළුවක් අද (20) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වින.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානයකොට තිබූ මෙම වැඩමුළුව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගීවී සිටි අතර මැතිවරණ නිරීක්ෂණ ආයතන ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයින්ද ඊට සහභාගීවී සිටියහ.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාලව මහාචාර්ය රොහාන් සමරජීව, සුජාතා ගමගේ, රොහාන් එදිරිසිංහ හා අශෝක අබේගුණවර්ධන යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.