26 May, 2015
පැෆ්රල් සංවිධානය හා සිවිල් සංවිධානවල සහයෝගයෙන් එළිදැක්වුණු මාර්තු 12 ප්‍රකාශනය වෙනුවෙන් මහජන එක්සත් පෙරමුණ ඊයේ (25) අත්සන් තැබීය.
මහජන එක්සත් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මහරගම පිහිටි එම පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී එම යෝජනාවලියට අත්සන් තැබුණු අතර එම අවස්ථාවට එම පක්ෂය නියෝජනය කරමින් නියෝජිතයින් කිහිපදෙනෙකු හා පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා හා අශාන් ගුණතිලක යන මහත්වරුන් එක්ව සිටියහ.
පසුගිය මාර්තු මස 12 වන දින එළිදැක්වුණු මාර්තු 12 ප්‍රකාශනය සාධනීය දේශපාලන සංස්කෘතියක් බිහිකරලීමේ අරමුණ පෙරදැරිව එළිදැක්වූවක් වන අතර දේශපාලන පක්ෂ විසින් අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදීමේදී සැලකිය යුතු මූලික නිර්ණායක 8 ක් ඊට අන්තර්ඝතව ඇත.
දිනේෂ් ගුණවර්ධන මහතා මාර්තු 12 ප්‍රකාශනයට අත්සන් තබන ලද අවස්ථාවේ ලබාගන්නා ලද ඡායාරූප කිහිපයක්...