Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරය විසින් දිවයින පුරා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක්

18 June, 2015

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ  පළමු මාධ්‍යය හමුව අද (18) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.

එම මාධ්‍යය හමුව සඳහා පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර සණස ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ආචාර්ය පී. කිරිවන්දෙනිය මහතාද සර්වෝදය ආයතනය නියෝජනය කරමින් දේශෝදය අධ්‍යක්ෂ රවීන්ද්‍ර කන්දගේ මහතාද පරිපාලන නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් එහි ලේකම් මංගල යාපා මහතාද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් ලයනල් ගුරුගේ මහතාද රයිට්ස් නව් ආයතනය නියෝජනය කරමින් එහි විධායක අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

එම මාධ්‍යය හමුවේදී මාර්තු 12 ප්‍රකාශනය ජනගත කිරීම උදෙසා ආරම්භ කිරීමට නියමිත මාර්තු 12 ව්‍යාපාරයේ දිවයින පුරා අත්සන් ගැනීමේ වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කෙරුණු අතර එම අත්සන් ගැනීමේ ව්‍යාපාරය එළඹෙන ජූනි මස 25 වනදා සිට ජූලි මස 5 වනදා දක්වා දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි සිදුකරන බවට මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව අවධාරණය කර සිටියහ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks