Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයට සමගාමීව අන්තර්ජාල පෙත්සමක්

23 June, 2015

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය  කර ඇති දිවයින පුරා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනට සමගාමීව අන්තර්ජාල අත්සන් ලබාගැනීමේ වැඩසටනක්ද මේ වන විට ආරම්භ කර ඇත.

පැෆ්රල් සංවිධානය හා සිවිල් සංවිධාන එකමුතුවෙන් එළිදැක්වූ මාර්තු 12 ප්‍රකාශනයෙහි අන්තර්ඝත මූලික නිර්ණායක 8 ක්  එළඹෙන මැතිවරණවලදී අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදීමේදී සලකාබලන බවට සහතික කරමින්දේශපාලන පක්ෂ විසින් අත්සන් තබන ලද අතර පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට අත්සන් තබනු ලැබීය.

ඒ අනුව එම නිර්ණායකයන් එළඹෙන මැතිවරණයදී සලකාබැලීමට දේශපාලන පක්ෂවලට බලකරමින් ජනතාව පෙළගැස්වීම වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරය බිහිවූ අතර එහි එක් පියවරක් වශවෙන් ජනතා අත්සන් ලබාගැනීමේ වැඩසටහන එළඹෙන 25 වනදායින් කොළඹදී ඇරඹීමට කටයුතු යොදාඇත.

එයට වැඩි පිරිසක් දායක කරගනු වස් අන්තර්ජාල පෙත්සමකටද අත්සන් ලබාගැනීමට තීරණය කර ඇති අතර    https://www.change.org/p/calling-all-political-parties-in-sri-lanka-for-clean-politics-and-a-clean-parliamen යන සබැඳිය ඔස්සේ එම අන්තර්ජාල පෙත්සම වෙත ඔබගේ අත්සනද ලබාදිය හැක.

An online petition along with March 12 Movement

March 12 Declaration is the product of island wide multi-stakeholder consultation on what can be done to transform the political culture of Sri Lanka initiated by PAFFREL. On 12th March 2015, at BMICH, by signing the Declaration, all political parties agreed to adhere to the 8 basic principles proposed by the Declaration.

Now, it’s the time for call for action. We, by signing the March 12 Declaration and joining the March 12 Movement, urge all the political parties in Sri Lanka to adhere to following 8 basic principles when selecting and nominating their candidates for the forthcoming Parliamentary Elections.
While the campaign rallying island wide this petition is to circulated among all the Sri Lankan citizens who are living even abroad.  
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks