Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ප්‍රකාශනය යථාර්ථයක් කිරීමට සහාය දෙන ලෙස පරිපාලන නිලධාරීන් ඉල්ලයි

24 June, 2015

රජයේ පරිපාලන නිලධාරීන්ට මාර්තු 12 ප්‍රකාශනයෙහි අන්තර්ඝත මූලික නිර්ණායක 8 ට අත්සන් තබා එකඟතාවය පලකොට අත්සන් තැබීමට හැකියාව ඇති බවත් ඒ සඳහා සියළුම රාජ්‍ය නිලධාරීන් පෙළඹවීමටත්  මහජනතාව දැනුවත් කිරීමටත් හැකි බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.


එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක් මගින් ඒ බව දක්වා ඇති අතර එම නිවේදනය මගින් මාර්තු 12 ප්‍රකාශනයෙහි අන්තර්ඝත නිර්ණායක ක්‍රියාත්මක කිරීම මගින් පරිපාලන නිලධාරීන්ට සිය රාජකාරී සිදුකරගෙන යාමේදී අත්වන පහසුවද පැහැදිලි කර දී ඇත.

එමෙන්ම සිය නිවේදනය මගින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර ඇත්තේ පසුගිය දශක 3 ක පමණ කාලය තුළදී පැවැත්වූ මැතිවරණවලදී දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලබාදීමේදී සුදුසුම අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදී ඇත්ද යන්න පිළිබදව දැඩිව විමසාබැලිය යුතු බවයි දක්වා ඇත්තේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks