04 August, 2015
පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් භාවිත කල මෙතෙක් බාරනොදී ඇති රජයේ වාහන වහාම අත්අඩංගුවට ගෙන බාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.
මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපති ලේකම්වරයාගෙන් කල ඉල්ලීමකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි.
පාර්ලිමේන්තුව විසුරුවාහැර තිබියදී අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා හා රජයේ ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට පමණක් රජයේ වාහන භාවිත කල හැකි අතර ඔවුන්ගෙන් පරිබාහිර කිසිදු මන්ත්‍රීවරයෙකුට රජයේ වාහන භාවිත කල නොහැක.