05 August, 2015
ලබන 17 වනදා පැවැත්වෙන මහා මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 50 ක් පමණ බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
තැපැල්පති රෝහණ අබේරත්න මහතා මාධ්‍යය වෙත සඳහන්කොට ඇත්තේ ලබන 10 වනදා වන විට සියලුම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම ලබන 9 වන දා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නම්කොට ඇති බවයි තැපැල්පතිවරයා පෙන්වාදී ඇත්තේ.