09 August, 2015
මැතිවරණ නිරීක්ෂකයින් පුහුණු කිරීම සඳහා වන වැඩමුළුවක් අද (09) වන දින බණ්ඩාරවෙල හිල්සයිඩ් හෝටලයේදී පැවැත්වින.
එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් පැෆ්රල් සංවිධානය විසින් යෙදවීමට කටයුතුකොට ඇති නීරීක්ෂකයින් පුහුණු කිරීම මෙහිදී සිදුවූ අතර ඒ සඳහා ස්ථානගත නිරීක්ෂකයින් 65 දෙනෙකු හා ජංගම නිරීක්ෂකයින් 8 දෙනෙකු සහභාගී විය.
මේ අතර එම වැඩමුළුවේදී පසුගිය ජනාධිපතිවරණයේ නිදහස් හා සාධාරණ බව ආරක්ෂා කිරීම වෙනුවෙන් මැතිවරණ නිරීක්ෂණයේ යෙදුණු නිරීක්ෂකයින්ට සහතිකපත් ප්‍රධානය කිරීමක්ද එහිදී සිදුකෙරින.