20 August, 2015
පසුගිය මැතිවරණවලට සාපේෂව යම් අඩුවීමක් දැකිය හැකි වුවද මෙවර මහා මැතිවරණයේදීත් අපේක්ෂකයින්ගේ ප්‍රවර්ධනය උදෙසා විශාල වශයෙන් මුදල් විදයම් කරන බවක් දක්වට ලැබුණු බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසූයේ ඊයේ (19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මාධ්‍යය හමුවකදීය. එහිදී හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ ඉදිරි මැතිවරණවලදී අපේක්ෂකයන්ට විදයම් කල හැකි මුදල් ප්‍රමාණයෙහි සීමාවක් ඇතිකරමින් 20 වන සංශෝධනයේ කටයුතු ඉදිරියට ගෙනයාමට නව රජය කටයුතු කල යුතු බවයි.
එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තුළදී විවිධ හේතු මත ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට නොහැකිවන ඡන්දදායකයන්ට හා ආබාධිත පුද්ගලයන්ට තම ඡන්දය අපහසුවකින් තොරව භාවිත කිරීමට හැකි වන පරිදි ඡන්ද ක්‍රමය දියුණු කල යුතු බවත් කාන්තා නියෝජනය ප්‍රවර්ධනය කිරීමටද කටයුතු කල යුතුව ඇති බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී පෙන්වාදුන්නේය.