25 August, 2015
නිල වාහන හිමිකම් නොමැතිව රජයේ වාහන මැතිවරණ සමයේ භාවිත කල මන්ත්‍රීවරුන්ගෙන් හා නිලධාරීන්ගෙන් එක් වාහනයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3 ක මුදලක් අයකරගත යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රජයට යෝජනා කිරීමට අදහස් කරන බවට වාර්තාවේ.
ජාතික පුවත්පතක් අද (25) විසින් මෙම පුවත වාර්තාකොට ඇති අතර මැතිවරණය ආරම්භයේදීම මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදී තිබුණේ රජයේ මැති ඇමතිවරුන්ට හා ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ට සිය නිල වාහන මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන්නේ නම් එක් වාහනයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් රජයට ගෙවිය යුතු බවයි.