Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ව්‍යවස්ථාදායක සභාව පළමු වරට රැස්වෙයි

10 September, 2015

නව ආණ්ඩුව යටතේ පැවැත්වෙන පළමු ව්‍යවස්ථාදායක සභා රැස්වීම අද (10) පැවැත්වීමට නියමිතය.

කතානායක කරූ ජයසූරිය හතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර මේ වන විට එහි සමස්ත සාමාජික සංඛ්‍යාව වන 10 න් සාමාජිකයින් 07 දෙනෙකු නම්කොට ඇත.

සිවිල් සංවිධාන නියෝජනය කරමින් හිටපු නීතිපතිවරයෙකු වන ෂිබ්ලි අසීස් මහතාගේ නමද සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතාගේ නමද එක්සත් ජාතින්ගේ හිටපු නියෝජිතවරියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමිගේ නමද ඒ සඳහා යෝජනා වී තිබුණත් මෙතෙක් ඔවුන් තිදෙනාට ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව නොමැත.

ව්‍යවස්ථාදායක සභාව සඳහා නිල බලයෙන් කතානායකවරයා අග්‍රමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා පත්වන අතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා වශයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද නම්කොට ඇති අතර සුලු පක්ෂ නියෝජනය කරමින් ඊට නම්කොට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී විජිත හේරත් මහතායි.


 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks