14 September, 2015
පළාත් පාලන මැතිවරණය සඳහා වූ සීමා නිර්ණය කිරීම ගැසට් කිරීම සඳහා තමන් වෙත ලැබී ඇති බවට රජයේ මුද්‍රණාලයාධිපති ඒ.ඒ.ජී ෆොන්සේකා මහතා මාධ්‍යය වෙත පවසා ඇත.
එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පළාත් පාලන මැතිවරණය සඳහා වූ සීමා නිර්ණය කිරීමෙන් අනතුරුව එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි.