Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාලදිවයින් මැතිවරණ කොමිසමම හිරේ දමලා

10 March, 2014

මාලදිවයින් මැතිවරණ කොමිසමේ සිටි කොමසාරිස්වරු සිව්දෙනාටම මාස හයක සිරදඬුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

විධානයන්ට ගරු නොකිරීම යන චෝදනාවලට වරදකරුවන් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ වසර තුනකින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සමග මාලදිවයින් මැතිවරණ කොමිසමේ ප්‍රධානියා මෙන්ම දෙවැනියාටද මෙසේ සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වෙයි.

විනිසුරුවන් පෙන්වාදී ඇත්තේ කොමසාරිස්වරු මැතිවරණ නීතිරීතිවලට අවනත නොවමින් කටයුතු කිරීම නිසා ඔවුන් අධිකරණයට අගෞරවයක් කර ඇති බවයි.

මාලදිවයිනේ පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන 22 වැනිදා පැවැත්වීමට සූදානම්ව සිටියදී මේ ආකාරයෙන් හිටපු නිලධාරීන් ඉවත් කරමින්, දින හයක් තුළ නව කොමිසාරිස්වරු පත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව පැවසෙයි.

මාලදිවයිනේ කටයුතු කරන යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පෙන්වාදී ඇත්තේ හිටපු මැතිවරණ කොමිසම විනිවිදභාවයෙන් යුතු හා විශ්වාසය තැබිය හැකි මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් කටයුතු කරමින් සිටි බවයි.

සමිබන්ධකය මෙතැනින්  ada.lk/article/7995/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%B8-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A-%E0%B6%AF%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks