18 September, 2015
මැතිවරණ නීති උල්ලංඝනය කල බවට චෝදනා එල්ලවී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් එම ආයතන ප්‍රධානීන් වෙත යවා ඇති බව වාර්තාවේ.
රාජ්‍ය සම්පත් බෙදාදීම, රජයේ වාහන මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීම, රජයේ දේපළ අනිසි පරිහරණය ආදී චෝදනා එම නිලධාරීන් බොහෝමයකට එල්ලවී ඇති බවයි මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ.
මෙලෙස චෝදනා ලැබ සිටින රාජ්‍ය නිලධාරීන් අතර අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක්ද වන බවයි පැවසෙන්නේ.