Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා කතානායකවරයා අතර හමුවක්

13 October, 2015

මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් අද (13) කතානායක කරූ ජයසූරිය මහතා හමුවිය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක නිල මැදිරියේදී මෙම හමුව පැවති අතර පිරිසිඳු දේශපාලනයක් වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරගෙන යනු  ලබන වැඩපිළිවෙල එහිදී කතානායකවරයාගේ පැසසුමට ලක්විය.

එමෙන්ම පාර්ලිමේන්තු සැසිවාර සජීව ලෙස විකාශය කිරීමට කටයුතු කිරීම සාධනීය පියවරක් වශයෙන් මාර්තු 12 ව්‍යාපාරය විසින් කතානායකවරයාට පෙන්වා දුන් අතර කුමන බාධා පැමිණියද එය සාර්ථකව ඉදිරියට ගෙන යන ලෙස ඔවුහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.

තවද කොමිෂන් සභා ස්ථාපිත කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු මහජනතාව අතරට ගෙන යා හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම, මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධතියක් ස්ථාපිත කිරීම වැනි කරුණු පිළිබඳවද කතානායකවරයා සමග පැවති සාකච්ඡාවේදී අවධානයට ලක්වූ අතර මාර්තු 12 ව්‍යාපාරයට ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතිය වෙනස් කරලීමෙහිලා අති දැවැන්ත කාර්යභාරයක් කල හැකි බවට තමා විශ්වාස කරන බවද කතානායකවරයා එහිදී සඳහන්කොට සිටියේය.

මෙම හමුව සඳහා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල යාපා මහතා, සර්වෝදය ආයතනය නියෝජනය කරමින් චාමින්ද රාජකරුණා මහතා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක අබේසේකර මහතා,  විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති අතාවුද ජයවර්ධන මහතා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නීතීඥ ජගත් ලියනආරච්චි මහතා හා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකාරන අධිකාරියේ සභාපතිනි රුවිනි ධර්මසිරි මෙනෙවිය හා පැෆ්රල් ආයතනයේ ගිහාන් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගීවූහ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks