Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ආණ්ඩුව ක්‍රියාකාරී සැලැස්මක් රටට ඉදිරිපත් කල යුතුයි - මාර්තු 12 ව්‍යාපාරය

15 October, 2015

වර්තමාන ආණ්ඩුව තුළින් ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වුවත් නමුත් ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාවලිය තුළ පෙර ආණ්ඩුව හා වෙනස්කම් දක්නට ඇත්තේ ඉතා අඩුවෙන් බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

ඊයේ (14) කොළඹ 10 සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් එහි මෙහෙයුම් කමිටු සාමාජික පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ ඉදිරි වසර දෙකක කාලය තුළදී ආණ්ඩුව විසින් රට තුළ සිදුකිරීමට සැලසුම් කර තිබෙන වැඩපිළිවෙල පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කල යුතු බවයි.

එමෙන්ම එය දින වකවානු සහිතව ඉදිරිපත් කල යුතු බවත් එසේ වුවහොත් ආණ්ඩුව පොරොන්දුවූ අයුරින් ක්‍රියාකරන්නේද යන්න පිළිබඳව ජනතාවට දැනගැනීමට හැකිවනු ඇති බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ.

මෙම මාධ්‍යය හමුව සඳහා රෝහණ හෙට්ටිආරච්චි මහතා සමගින් කැළණිය විශ්ව විද්‍යාලයේ සමාජයීය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.කරුණාතිලක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල යාපා, රයිට්ස් නව් විධායක අධ්‍යක්ෂ නීතීඥ සුදර්ශන ගුණවර්ධන, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කළමණාකාරිනී ශෂී ද මෙල් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks