21 October, 2015
අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී වීරසූරිය මහතා පත්කොට ඇත.
වීරසූරිය මහතාට අමතරව හිටපු අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා මහතා හා නෙවිල් ගුරුගේ යන මහත්වරුන්ද අල්ලස් කොමිසමේ සාමාජිකයින් වශයෙන් පත්කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් ඩී. දිසානායක මහතා පත්කර ඇති අතර හිටපු විනිසුරු ඒ .ඩබ්.ඒ සලාම්, එම්.එස් සෙනෙවිරත්න, ධාරා විජේතිලක, ප්‍රතාප් රාමනුජන්, විජයලක්ෂ්මි ජෙගරාජසිංහම් හා එම්.එල්.එම් මෙන්ඩිස් යන මහත්ම මහත්මීන්ද එම කොමිසම වෙත පත්කොට ඇත.