Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මහ මැතිවරණය ළඟ එද්දී ඉරාකයේ දරුණු බෝම්බ පිපිරීම්

10 March, 2014

ඉරාකයේ දකුණු දිග බැග්ඩෑඩ්හි පොලිස් මුරපොළක් ආසන්නයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32 නෙකුට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

පුපුරන ද්‍රව්‍ය පටවා ගත් කුඩා බස් රථයක් නැගී පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු පොලිස් මුරපොළ ආසන්නයේදී මෙම පිපිරීම සිදුකර තිබේ.

සාමාන්‍ය වැසියන් වැඩිපිරිසක් මින් මරණයට පත්ව ඇති අතර, ළමයින් හා කාන්තාවන්ද ඒ අතර සිටින බව කියැවෙයි. එමෙන්ම පොලිස් මුරපොළේ ආරක්ෂාවට සිටි ආරක්ෂක භටයින්ද මින් මරණයට පත්ව තිබේ.

බෝම්බය පිපිරීමත් සමග අවට වූ මෝටර් රථවලටද ගිනි ඇවිළී ඇති අතර, ඇතැම් පිරිස් එම රථ තුළම මිය ගොස් තිබේ. කෙසේ වෙතත් බෝම්බ ප්‍රහාරය නිසා 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.

ලබන මස පැවැත්වීමට නියමිත ඉරාක මහ මැතිවරණය ආසන්නයේ සිදුවූ දරුණුතම ප්‍රහාරයක් ලෙස විදෙස් මාධ්‍ය මෙම ප්‍රහාරය හඳුන්වයි.

ප්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිවකු භාර නොගත්තද, ෂියා මුස්ලිම්වරු ඉලක්කකර ගනිමින් සුන්නි අන්තවාදීහු නිරන්තරයෙන් බෝම්බ ප්‍රහාර එල්ල කරන නිසා, මෙයද එවැනි ප්‍රහාරයක් විය හැකි බව අනුමාන කෙරෙයි.

සමිබන්ධකය මෙතැනින් - ada.lk/article/7991/%E0%B6%B8%E0%B7%84-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B7%85%E0%B6%9F-%E0%B6%91%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93-%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6-%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks