28 October, 2015
2015 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛනය මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතනවල හා ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මැතිවරණ මහලේකම් කාර්යාලය උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ මෙම ඡන්ද හිමි නාමලේඛන ලබන නොවැම්බර් මස 15 වනදා දක්වා එම ස්ථානයන්හි ප්‍රදර්ශනය කෙරෙන බවයි.
එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවීමට සුදුසුකම් ලබා ලියාපදිංචිය පිළිගෙන නොමැතිනම් ලබන 15 වනදාට පෙර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කරන ලෙසයි.