Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීමට ඉල්ලුම් කිරීම 12 වනදායින් අවසන්

03 November, 2015

2015 ඡන්ද නාමලේඛනයට ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කිරීමට ලබාදුන් කාලය ලබන 12 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තා සඳහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඇති 2015 ඡන්දහිමි නාමලේඛන පිටපත්වල සිය නම ඇතුළත්ව තිබේදැයි බලාගැනීමට ඡන්දදායකයින්ට හැකියාව තිබෙන බවයි.

එමෙන්ම www.slelections.gov.lk යන වෙබ් අඩවියට පිවිස සිය ජාතික හැඳුනුම්පත් අංකය හා දිස්ත්‍රික්කය ඇතුළත් කර සිය නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්ව තිබේදැයි බලාගැනීමේ හැකියාව ඇති බවයි මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදී ඇත්තේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks