11 November, 2015
පළාත් පාලන ආයතන සීමානිර්ණයට අදාල සියලුම අභියාචනා නොවැම්බර් මස 21 වනදා දක්වා පළාත් පාලන ආයතන සීමානිර්ණය කිරීමේ ජාතික කමිටුවේ ලේකම්වරයා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
ජාතික පුවපත් වාර්තා පෙන්වාදෙන්නේ අංක 330, යූනියන් පෙදෙස, කොළඹ 02 යන ස්ථානයේ පිහිටි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත මෙම අභියාචනා යොමුකල හැකි බවයි.
එමෙන්ම 0112454122 හා 0112452430 යන දුරකතන අංක ඔස්සේ ඊට අදාල වැඩිදුර විස්තර ලබාගත හැකි බවට එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙන අතර පළාත් පාලන ආයතන කොට්ඨාශ සීමානිර්ණය කිරීමට අදාල ගැසට් නිවේදනය හා සිතියම් ඒ ඒ පළාත්වල දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතනවල මහජන ප්‍රදර්ශනය සදහා තබා ඇති බවත් www.pclg.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේද තවත් තොරතුරු ලබාගත හැකි බවත් එම මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.