2015 ඡන්දහිමි නාමලේඛනය සඳහා ලියාපදිංචිවීමට නොහැකිවූ ඡන්දදායකයන් වෙනුවෙන් වන අභියාචනා බාරගැනීම අද (12) දිනයෙන් අවසන් වන බව ජාතික පුවත්පත් වාර්තා සඳහන් කරයි. මැතිවරණ දෙපාර්තමේන්තු වාර්තා උපුටා දක්වමින් එම මාධ්‍යය වාර්තා සඳහන් කර ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා පළාත් පාලන ආයතවලද ග්‍රාම නිලධාරී කාර්යාලවලද නව ඡන්දහිමි නාමලේඛන පරීක්ෂා කරබැලීමට ඉඩ සලසා ඇති බවයි. එමෙන්ම එම ලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් ග්‍රාම නිලධාරී කාර්යාල හරහා අදාල පෝරම පුරවා සිය නම ඡන්ද හිමි නාමලේඛනය වෙත ඇතුළත් කරගත හැකි බවයි එම මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ.