Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ කොමිසම පත්කෙරේ

17 November, 2015

ව්‍යවස්ථාදායක සභාව විසින් යෝජනා කරනු ලැබ ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත්කොට තිබූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය මේ වන විට ලැබී ඇත.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වශයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පත්කොට ඇති අතර සෙසු සාමාජිකයින් වශයෙන් හිටපු නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ නලීන් ජයන්ත අබේසේකර මහතා හා  යාපන සරසවියේ මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් මහත්වරුන් පත්කොට ඇත.

මේ අනුව ඉදිරියේදී මැතිවරණ කොමිසම රැස්වී ඉදිරියේදී මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහා කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත්කරගැනීමට නියමිත අතර එම කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මැතිවරණ කොමිසමේ අධීක්ෂණය යටතේ සියලු මැතිවරණ පැවැත්වීමට නියමිතය.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks