Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සීමාමායිම් විමර්ශන කමිටුවට යෝජනා හා පැමිණිලි බාරගැනීම 21 දායින් අවසන්

19 November, 2015

පළාත් පාලන කොට්ඨාශ සහ පළාත් පාලන  ආයතනවල කොට්ඨාශ සීමාමායිම් පිළිබඳ මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කොට ඇති බව වාර්තාවේ.

කොට්ඨාශ මායිම් සම්බන්ධයෙන් මහජනතාවට ඇති පැමිණිලි සම්බන්ධ යම් යෝජනා හෝ පැමිණිලි වේ නම් එම පැමිණිලි ලබන 21 වනදාට පෙර කමිටු ලේකම්වරයා වෙත යොමුකරන ලෙසයි පළාත් පාලන අමාත්‍යාංශ වාර්තා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම කොට්ඨාශ මායිම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය පිරිස් හට තමා පදිංචි ප්‍රදේශයේ මහනගර සභාව, නගර සභාව, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින්ද ගැසට් නිවේදනය හා මායිම් සිතියම් පරීක්ෂා කරබැලීමේ පහසුකම් සලසා ඇති බවයි වාර්තාවන්නේ.

පැමිණිලි හා යෝජනා අංක 330, යූනියන් පෙදෙස, කොළඹ 02 පිහිටි පළාත් පාලන අමාත්‍යාංශයේ කමිටු කාර්යාලයේ ලේකම් වෙත තැපැල් මාර්ගයෙන් හෝ ගෙනැවිත් බාරදිය හැකි බවයි එම අමාත්‍යාංශය පෙන්වාදී ඇත්තේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks