Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කෝප් කමිටුවේ නව සභාපතිවරයාට පැෆ්රල් සුබපැතුම්

30 November, 2015

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කිරීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය සිය සුබපැතුම් එක්කොට ඇත.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් නිකුත්කොට ඇති නිවේදනයක් මගින් දක්වා ඇත්තේ සමාජයට බලපානු ලබන බොහෝ සංවේදී කාරණාවන්හීදී ජනතාවගේ පාර්ශවයේ සිට විවිධ ක්‍රියාකාරකම්හි නිරතවූ පරිණත දේශපාලනඥයෙකු වන හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පත්වීම යහපත් ප්‍රවණතාවක් බවයි.

එමෙන්ම එම නිවේදනය මගින් පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් සඳහන්කොට ඇත්තේ සිය ධූර කාලය තුළදී පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කිරීමෙන් පමණක් නතර නොවී එකී වාර්තා ක්‍රියාත්මක කරවාගැනීමට නිශ්චිතවූත්, ප්‍රායෝගික වූත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි.

තවද සිය ධූර කාලය තුළදී වඩා ජනතාවාදී තීන්දු තීරණ ගැනීමටත් ඒ හරහා ජනතාවට වගකියනු ලබන මූල්‍ය විනිවිදභාවයක් සහිත දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහාත් කටයුතු කිරීමට ශක්තිය ලැබේවායි පැෆ්රල් සංවිධානය සිය නිවේදනයේ දක්වා ඇත.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks