01 December, 2015
පළාත් පාලන සීමානිර්ණය කිරීම් පිළිබඳව සංශෝධන පනත් කෙටුම්පතට සියලු පක්ෂවල එකඟතාවය ලබාගැනීම සඳහා දෙසැම්බර් 11 වන දින සර්ව පාක්ෂික සමුලුවක් පැවැත්වීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තාවේ.
මේ අතර මෙම සීමානිර්ණ කටයුතුවලට අදාලව ලැබෙන පැමිණිලි හා යෝජනා විමර්ශනය කිරීමට පත්කල කමිටුව වෙත මේ වන විට අභියාචනා 175 ක් ලැබී ඇති බව ජාතික පුවත්පත් වාර්තාකොට ඇත.
එම අභියාචනා විමර්ශනය කර සීමානිර්ණය කිරීමට අදාල සියලුම තත්ත්වයන් සාකච්ඡා කර අවසාන එකඟතාවක් ඇතිකරගැනීම පළාත් සභා හා පළාත් සභා අමාත්‍යාංශයේ බලාපොරොත්තුව බවයි එම මාධ්‍යය වාර්තාපෙන්වාදෙන්නේ.