Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නි.ඇමැති ගම්පහ පාසල්වල ඡන්ද වැඩ

10 March, 2014

පාසල් සංවර්ධන සමිති රැස්‌ කිරීමේ මුවාවෙන් පාසල්වල දේශපාලන රැස්‌වීම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදීත් එක්‌තරා නියෝජ්‍ය ඇමැතිවරයකු ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් එවැනි කටයුතු සඳහා බලහත්කාරයෙන් යොදා ගනිමින් සිටින බවට අධ්‍යාපන බලධාරීන් මැතිවරණ කොමසාරිස්‌ වරයාට පැමිණිලි කර ඇත.

දේශපාලකයන්ගේ අවශ්‍යතා සඳහා පාසල් සංවර්ධන සමිති කැඳවීම තහනම් කරමින් මැතිවරණ කොමසාරිස්‌වරයා කර ඇති නියෝගය මේ වන විට ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් විදුහල්පතිවරුන්ට ලිතව දැනුම් දී ඇත. එහෙත් ඇතැම් විදුහල්පතිවරුන් දේශපාලකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින් සිටින බව කලාප අධ්‍යාපන කාර්යාල ආරංචි මාර්ග පැවසීය. මේ වන විට කලාපයේ පාසල් කිහිපයකම පාසල් සංවර්ධන සමිති රැස්‌ කිරීමේ මුවාවෙන් දේශපාලන රැස්‌වීම් පවත්වා ඇතැයිද තවදුරටත් බලහත්කාරයෙන් එවැනි කටයුතු සිදු කෙරෙමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. රැස්‌ කෙරෙන පාසල් සංවර්ධන සමිතියට මෙවර පළාත් සභා මැතිවරණයට තරග කරන සහෝදරයා සමග පැමිණෙන නියෝජ්‍ය ඇමැතිවරයා එම පාසලට රුපියල් ලක්‍ෂ ගණනක්‌ ආධාර කරන බවට පොරොන්දු වන බවද මේ ආකාරයෙන් තවත් පාසල්වල මෙවැනි රැස්‌වීම් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ගම්පහ කලාපයේ පාසල් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සත්‍යයක්‌ බවත් එවැනි කටයුතු කළ නොහැකි බවට වන මැතිවරණ කොමසාරිස්‌වයාගේ නියෝගය එලෙසම පවතින බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. මල්ලවආරච්චි මහතා පැවසීය.

 

සමිබන්ධකය මෙතැනින් - www.divaina.com/2014/03/10/news05.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks